ලෝක පරිසර විහිළු සමුළු
කාලයක් පුරා නොකඩවා කෙරෙන පරිසර හානි කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පෘථිවි ගෝලය උණුසුම් වෙමින් පවතී. පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවල් මුහුණ දුන් පරිසර අනතුරු එහි ප්‍රතිඵලයකි. අපට ද අධික උණුqසුම් කාලගුණයක්, එකවරම අධික ශීතලක් මෙන්ම අකලට මහ වැසි ලැබෙන්නේ ද ඒ නිසාය. එහෙත් ලංකාව ඒ පිළිබඳව උනන්දු වන බවක් නොපෙනේ.
ආරම්භය
1994 දී පැවතුණු "මිහිකත සමුළුව" මෙහි මූලික අඩිතාලම ලෙස සැලකිය හැකිය. තිරසාර සංවර්ධනයක් හෙවත් ස්‌වභාවික සම්පත් අනාගතය සඳහා සුරක්‌ෂිත කරමින් සංවර්ධනය කරා ළඟාවීම යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි. සරලවම පවසතොත් පරිසර සංරක්‍ෂණය පිළිබඳව කථා කෙරිණි. එය ලෝකයේ රටවල් බොහෝමයක් පරිසරය කෙරෙහි ඇස් ඇරවීමට මුල් වූ සමුළුවකි.
එහෙත් පරිසර සමුළුව මෙතෙක් වැදගත්ම සම්මුතිය ලෙස සැළකෙන්නේ 1997 දී ජපානයේදී පැවැත්වුණු කියතෝ සමුළුවයි" ගෝලීය උණුසුමට හේතු වන හරිතාගාර වායු නිකුත් කිරීම සීමා කරමින් කාර්මික රටවල්වලට නිකුත් කළ හරිතාගාර වායු නැතහොත් කාබන් ප්‍රමාණය 2012 දී 5.2 % කින් අඩු කළ යුතුය. ප්‍රඥප්තියේ අන්තර්ගතය එයයි. සංවර්ධන ක්‍රියාවලීන් පරිසර හිතකාමී විය යුතුය. එය 2005 සිට බල ගැන්වෙන ලෙස සකස් කර තිබිණි.
කියතෝ ප්‍රඥප්තිය සාර්ථකද?
ප්‍රඥප්තියේ අවසන් වරට එළඹ සිටින මේ මොහොත වන විට එය කොතරම් සාර්ථක දැයි සලකා බැලීම වටී. කාර්මික රටවල් හෝ වෙනත් රටක් හෝ ඒ පිළිබඳ එතරම් ප්‍රියතාවයක් නොදක්‌වන්නට හේතු තිබේ. තම කාර්මික කටයුතු පරිසර හිතකාමී කිරීමට වැඩි වෙහෙසක් හා අධික වියදමක් දැරීමට සිදුවේ. ඒ නිසා තම ආර්ථිකයට තවත් බරක් එකතු කර ගැනීමට රටවල් කැමති නැත.
අනෙක් අතට මෙහි ප්‍රධානම දොaෂය නම් ලෝකයේ ප්‍රධානම කාබන් මුදාහරින්නෙකු නැතහොත් පරිසර දූෂකයෙකු වන ඇමරිකා එක්‌සත් ජනපදය මෙහි සාමාජිකයෙක් නොවීමයි. ලෝකයේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාව තම බලය පාවිච්චි කර ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් වැළකී සිsටියේය. හේතුව ඔවුන්ගේ ආර්ථික කටයුතු දුර්වල කර ගැනීමට ඇති අකමැත්තයි. දැන් ලෝකයේ පළමු පරිසර දූෂකයා වන චීනය ද මෙහි සාමාජිකයෙක් නොවේ. සංවර්ධිත රටක් වන කැනඩාව ද ඉන් ඉවත් වන බව පසුගිය වසරේ අග භාගයේදී ප්‍රකාශ විය. වැඩියෙන්ම පරිසරයට හානි කරන රටවල් එය වැළැක්‌වීමට කටයුතු නොකරන්නේ නම් සම්මුතිවලට එකඟ වීමෙන් පළක් තිබේද?
එසේම මෙම කියතෝ ප්‍රඥප්තියේ අන්තර්ගතයේ ද අඩුපාඩු පවතී. නාවික කටයුතු වලින් සිදුවන හානිය මෙහි ඇතුළත්ව නැත. එනම් නෞකා ගමනාගමනය තෙල් ප්‍රවාහනය වැනි ක්‍රියා නිසා පරිසරයට වන හානිය ප්‍රඥප්තියේ සඳහන්ව නැත.
යුරෝපයේ හා අනෙකුත් රටවල් මීට බැඳි සිටිය ද කැපී පෙනෙන වෙනසක් ලෝකයේ සිදු නොවන බව විද්‍යාඥයන්ගේ මතයයි. ලෝක බල ශක්‌ති අධිකාරියට අනුව වැඩියෙන්ම පරිසරයට කාබන්ඩයොක්‌සයිට් වායුව නිකුත් කර ඇත්තේ 2010 දීය. 5.6% වන එය ලෝක වාර්තාවක් ලෙසද සැලකේ. කියතෝ සම්මුතියට හිමි තැන එයින්ම පැහැදිලි වේ. කෙසේ වුවද මෙය වැදගත්කම වන්නේ සංවර්ත හෝ කාර්මික යම් තරමකට එකඟ කරවා ගැනීමට හැකි වීමයි. ඉන්පසු දිගින් දිගටම පැවැත්වෙන ලෝක සමුළු එකකදී හෝ රටවල්වලට පරිසරය පිළිබඳව එකඟත්වයකට පැමිණීමට හැකි වූයේ නැත.
තව තවත් පරිසරය සමුළු
කියතෝ සම්මුතිය 2012 දී කල් ඉකුත් වන නිසාත් ගෝලීය උණුසුමේ බලපෑම් එන්න එන්නම වැඩිවන නිසාත් මිනිසුන්ට, ලෝක නායකයන්ට නිහඬව සිටීම නොහැකි විය. ලෝකය මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය ගැන සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර සමුළු ආරම්භ වන්නේ එබැවිනි. මේ වන විට වසර ගණනාවක් පුරා මේවා පවත්වා ඇත. ඒ අතරින් මුල් ස්‌ථානයක් ගන්නේ 2005 දී පැවැත්වුණු මොන්ටි්‍රයල් සමුළුවයි. 2012 කියතෝ සම්මුතිය කල් ඉකුත් වීමෙන් පසු කරන්නේ මොනවාද යන්න එහිදී සාකච්ඡා කෙරිණි.
එහෙත් විසඳීමකින් තොරව නිමා වුණු එයින් පසුව නැවතත් 2007 දී ලෝක නායකයෝ බාලි දූපතේ දී මුණ ගැසුණහ. කාලගුණික විපර්යාස හා ලෝකය උණුසුම් වීම පිළිබඳව විශාල කතිකාවතක් ගොඩනැගෙමින් තිබුණු ඒ අවධියේ බාලි සමුළුව ගැන කාගේත් අවධානය යොමුවී තිබිණි. එය සාර්ථක ගැනීමේ අවසන් වසර ලෙස 2009 නියම කර ගනිමින් ඒ සමුළුවද අවසන් විය.
ඉන්පසු එක්‌සත් ජාතීන්ගේ පරිසර කමිටු මගින් 2008 හතර වතාවකට ස්‌ථාන කර හතරකදී පැවැත්වු පරිසර සමුළු නැවත 2009 දී විශාල කථාබහක් සහිතව 2009 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේදීද 2010 දී මෙක්‌සිකෝවේ කැන්කුන් නගරයේ ද අවසානයේ 2011 දකුණු අප්‍රිකාවෙන් ඩර්බන් නුවර ද පැවැත්විණි. මේ එකදු සමුළුවකදී හෝ වැදගත් ඒකමතික තීරණයකට ඒමට ලෝක නායකයන්ට හැකිවූයේ නැත. අවසන් තීරණය ගැනීම මීළඟ වර්ෂයට කල් දාමින් වසරින් වසර පැවැත්වූ ලෝක සමුළුවල අවසානයේ සිදු වූයේ එය තවත් වාර්ෂික ජාත්‍යන්තර සමුළුවක් බවට පත් වීම පමණයි. මිළඟට ඔලිම්පික් පවතවන්නේ කුමන රටේද, ඊළඟ µsපා හෝ ලෝක රග්බි තරඟාවලිය පවත්වන්නේ කොහේද යනුවෙන් තරගයක් පැවැත්වෙන අයුරින්ම මීළඟ ලෝක පරිසර සමුළුව පැවැත්වීමද තරඟයක් බවට පත්ව ඇත. 2012 වසරේදී ඊට අනුග්‍රහය දක්‌වන සත්කාරක රට බවට කටාර් රාජ්‍ය පත්ව ඇත්තේ තරඟ කිරීමෙනි. ලෝකය මුහුණ දෙන දැවැන්ත අර්බුදය පිළිබඳව හෝ තමන් සිදුකරන කාර්යයේ වටිනාකම පිළිබඳව හෝ මේ ලෝක ප්‍රජාවට කිසිදු අවබෝධයක් නොමැති බව ඉන් පැහැදිලිවේ.
2011 ඩර්බන් සමුළුව
පසුගිය වර්ෂයේ පැවති සමුළු වැදගත්කම අතින් ප්‍රමුඛස්‌ථානයක් ගත්තේ කියතෝ ප්‍රඥප්තියට විසඳුමක් ලබා ගැනීමට තිබූ අවස්‌ථාව බැවිනි. එහෙත් විශේෂ යමක් සිදු වූයේ නැත. අවසාන මොහොතේ කියතෝ ප්‍රඥප්තිය 2013 වන තුරු කල් දිගු කර ගැනීමට එකඟ වීමට නායකයන්ට හැකිවිය. 2020 වන විට නව සැලසුමක් සහිතව ගෝලීය උණුසුමට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුහු පොරොන්දු වූහ. ඉක්‌බිති ඉතා සාර්ථක සමුළුවක් ජයග්‍රහණයකින් අවසන් වූ බව කියමින් මාධ්‍ය හමුවක් පවත්වා විසිර ගියහ. මිනිසුන් විසින්ම සිදු කරන විනාශය වැළැක්‌වීමට පියවර ගැනීම පමා කිරීම දිනුමක් වන්නේ කෙසේද?
ලෝක බලශක්‌ති අධිකාරියට අනුව ගෝලීය උණුසුමට එරෙහිව කටයුතු කිරීමට අපට තව ඇත්තේ වසර 5 ක් පමණි. ඉන්පසු ලෝකය සොබාදහම අදටත් වඩා මිනිසාට දරුණු වනු ඇත. දූපත් රාජ්‍යයන් මුහුදට බිලිවන බවට අනාවැකි පලවෙද්දී සීතල ආක්‌ටික් මුහුදෙන් මීතේන් මතුවෙද්දී කිසිදා නුහුරු දේශගුණික වෙනස්‌වීම්වලට මිනිසා මුහුණ දෙද්දී කිසිවක් නොකර නිහඬව සිටිය හැකිද?
පරිසර සමුළුÊඅසාර්ථක වන්නේ ඇයි?
මනුෂ්‍ය ප්‍රජාව මෙතරම් අනතුරුදායක පැවැත්මක මුහුණ දී තිබියදීත් ලෝකයවට ඒකමතික තීරණයක් ගත නොහැකිව ඇත්තේ තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට මුල් තැනක් දෙන නිසාය. දැනට සංවර්ධිත මට්‌ටමේ සිටින ඇමරිකාව බ්‍රිතාන්‍ය ඕස්‌ටේ්‍රලියාව, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව වැනි කාර්මික රටවල් ඒ මට්‌ටමට ළඟා වූයේ හැකි පමණ පරිසරය විනාශ කරමින් හා කාබන් නිකුත් කරමිනි. ඔවුන්ගේ අසීමාන්තික ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ලෝකය උණුසුම් වනවිට නීතිය පැනවෙන්නේ සමස්‌ත ලෝකයාටමය. එනිසා චීනය, ඉන්දියාව, බ්‍රසීලය වැනි ශීඝ්‍රයෙන් කාර්මිකරණය වන රටවල් ඊට විරුද්ධය. තමන්ගේ ආර්ථිකය යහපත් වනතුරු ලිහිල් කාලසීමාවක් කාබන් නිකුතුව සම්බන්ධයෙන් ලබාදිය යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ තත්ත්වයට වගකිවයුතු රටවල් ඊට වන්දි ගෙවිය යුතුය. එහෙත් මෙම දියුණු වෙන රටවල් තමන් අභිබවා යනු ඇතැයි බියෙන් පසුවන කාර්මික රටවල් ඒ අදහසට කැමති නැත. දැන් වැඩිපුරම පරිසරයට හානි කරන කාර්මිකරණය වන රටවල් වහා මෙම නීතිවලට යටත්විය යුතුය. ඒ ඔවුන්ගේ පිළිගැනීමයි.
සෑම වසරකම ලෝකයේ කොතැනකට හෝ එක් රැස්‌වන ලෝක නායකයෝ මේ මත දෙකෙහිම එල්බ ගෙන වාද කරති. ඉන්ධන මහා පරිමාණයෙන් දහනය කරන ගුවන් ගමන් ගණනාවකින් එකට රැස් වී වායු සමීකරණය කළ විශාල හෝටල් කාමරවල නතර වී එවැනිම ශාලාවල දින ගණනාවක් පරිසය සුරැකීම ගැන කතා කරති. චීනය නැතිනම් අප නැති බව ඇමරිකාව කියන විට ඇමරිකාව නැති නම් තමන් ද මේ සම්මුතියට නැති බව ඉන්දියාව හා චීනය ප්‍රකාශ කරයි. මේ මත ගැටුම නිසා එකදු සාර්ථක පිළියමක්‌වත් මේ වනතුරු ක්‍රියාත්මක කිරීමට හැකි වී නැත.
එහෙත් අවාසනාව නම් ලෝකය තම තමන්ගේ සංවර්ධනය පිළිබඳ පුද්ගලික මතවාදවල සිටින අතරතුර ලෝකය විනාශ මුඛයට යැමය. ලෝකයේ අනාගතය තීරණය වනනේ මිනිසුන් අද ගන්නා නිවැරැදි තීරණවලිනි. එහෙයින් පරිසරය වඩාත් දූෂණය කරන පරිසර සමුළු තව තවත් පැවැත්වීම වෙනුවට මිනිසාගේ හෙට දිනය වෙනුවෙන් සෘජු හා දැඩි තීරණ ගතයුතු කාලය එළඹ ඇත. එහෙත් ආත්මාර්ථයට වඩා පරාර්ථය සලකන පිරිසක් ලෝක ප්‍රජාවට නායකත්වය දෙන තුරු එය යථාර්ථයක් නොවනු ඇත.
හසිතා උඩවත්ත
No comments:
Post a Comment