Tuesday, January 17, 2012

vidusara1.jpg (14529 bytes)


වසර 2020 වන විට ප්‍රධාන බලශක්‌තිය
විය යුත්තේ පුනර්ජනන බලශක්‌තියයි
- අමාත්‍ය පාඨලී චම්පික රණවක

අමල් උඩවත්ත

"ලෝකය ෆොසිල ඉන්ධනවලට ඇබ්බැහි වෙලා. අදින් සියවස්‌ එක හමාරකට පමණ පෙර එනම් ක්‍රි.ව. 1850 දී ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාවෙන් ෆොසිල ඉන්ධන භාවිත වුණේ සියයට 5ක්‌ පමණයි. දෙවැනි ලෝක යුද්ධයට පසු ෆොසිල ඉන්ධන භාවිතය උච්ච ස්‌ථානයකට පත් වුණා. වර්ෂ 1960 වන විට ෆොසිල ඉන්ධන අවශ්‍යතාව සියයට 94ක්‌ වුණා" යනුවෙන් විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසී ය.

ජනවාරි 04 වැනි දින ශ්‍රී ලංකා බලශක්‌ති ඉංජිනේරු පෞද්ගලික සමාගම ස්‌ථාපිත කිරීමේ උත්සවයේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය රණවක මහතා "අද මේ පිහිටුවන බලශක්‌ති ඉංජිනේරු පෞද්ගලික සමාගම රාජ්‍ය ආයතනවලටත් පෞද්ගලික ආයතනවලටත් අභියෝගයක්‌ ගෙන දෙන ආයතනයක්‌ ලෙසයි ක්‍රියා කරන්නේ. මේ ආයතනයෙන් කෙරෙන්නේ පෞද්ගලික අංශයට විසඳිය නොහැකි බලශක්‌තිය හා සම්බන්ධ ප්‍රශ්න ගැටලු මේ ආයතනය මගින් නිරාකරණය කර දීමයි. ඉදිරියේ දී ඇති වන බලශක්‌ති අර්බුදයට පුනර්ජනන බලශක්‌තියෙන් විසඳුම් සෙවිය යුතුයි.
ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ඉංජිනේරුවරයකු වගේ ම විද්‍යාඥයකු වූ කපිතාන් හයිමාන් ජී. රිකොවර් කියා සිටියේ මේ ආකාරයට ෆොසිල ඉන්ධන භාවිත කරන්න ගියොත් වසර 2050 වන විට ෆොසිල ඉන්ධන හිඟ වීම නිසා ඉන්ධන අර්බුදයක්‌ මෙන්ම ආර්ථික අර්බුදයක්‌ එනව කියල. ඔහු තමයි ලෝකයේ ප්‍රථම වරට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනය නිපදවූයේ. අද අපට තේරෙනවා එතුමා කොපමණ නිවැරැදි ද කියල. එතුමා නාවික හමුදාවේ ඉන්න කාලේ ඔහු ගේ ගෝලයකු ලෙස ක්‍රියා කළ ජිමි කාටර් ඇමෙරිකාවේ ජනාධිපති වුණ කාලේ විශාල ඉන්ධන අර්බුදයක්‌ ඇති වුණා. ඒ තමයි වර්ෂ 1971 ඇති වූ ඛනිජතෙල් අර්බුදය මෙය ඇති කළේ ඔපෙක්‌ සංවිධානය මගින්. ඒ කාලේ ඇති වූ ඊශ්‍රායල් යුද්ධයේ දී ඇමෙරිකාවට සම්බාධක පැනවූවා.
මේ අවස්‌ථාවේ දී ධවල මන්දිරයේ වහලේ පළමු වතාවට සූර්යබල කෝෂ පද්ධතියක්‌ සවි කළා. ධවල මන්දිරේ වහලේ උඩ පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූවා. මෙහි දී වැදගත් ප්‍රකාශයක්‌ මෙතුමා කළා. එතුමා කිව්වා ඉරට කාට වත් සම්බාධක පනවන්න බෑ කියල. ඉන්පසුව තමයි ඇමෙරිකාව සූර්ය බල ශක්‌තියට අවතීර්ණ වී විප්ලවීය පරිවර්තනයක්‌ ඇති කළේ. සූර්ය බලය වගේ ම සුළං බලය අපට නොමිලේ ලැබෙන්නේ. මේවාට කාට වත් සම්බාධක පනවන්න බැහැ. ඒ නිසා ජිමී කාටර් ගේ ප්‍රකාශයට යමක්‌ එකතු කළ හොත් මම කියනවා මේ බලශත්තිවලට මිල ගණන් එකතු කරන්න බැහැ කියල. මේ නොමිලේ ලැබෙන මිල කළ නොහැකි සූර්ය බලය සුළං බලය අනාගතයේ දී ලාභදායී බලශක්‌තියක්‌ වේ වි. විශේෂයෙන් වසර 2017 වන විට ගල් අඟුරුවලටත් වඩා ලාභදායි තත්ත්වයක්‌ සූර්ය බලශක්‌තියෙන් හා සුළං බලයෙන් ලැබේ වි කියල අපි විශ්වාස කරනවා. සුළං බලය, සූර්ය බලය ජාතික විදුලි පද්ධතියට ගැනීමේ දී තාක්‍ෂණික අපහසුතා ඇති වෙනවා.
මේක වෙනස්‌ වනසුලු විදුලි බලයක්‌ නිසා ඉල්ලුම හා සැපයුම ස්‌වයංක්‍රීයව පාලනය කළ හැකි විදුලි පද්ධතියක්‌ නෙමෙයි. එනිසා ඉදිරි කාලයේ දී අපේ බලශක්‌තියේ සුනම්‍යතාව වැඩි කරගෙන හැකිතාක්‌ දුරට පුනර්ජනනීය බලශක්‌තිය වර්ධනය කර ගැනීම අපේ ඉලක්‌කයයි. මෙය වසර 2020 වන විට සපුරාගත යුතුයි" යනුවෙන් පැවසී ය.

No comments:

Post a Comment