ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි
2011 දෙසැම්බර් මස 15 13:49:33 | නෝර්වුඞ් රංජිත් රාජපක්ෂ
ඉහළ කොත්මලා ඔය ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගියේය. එහි උස මීටර් 80කි ජලාශය පිරුණු පසු යළිත් ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි වෙතියි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්දනාත් ප්‍රනාන්දු මහතා කියයි. කිලෝමීටර් 12.5 දිගැති උමං මාර්ගය ඔස්සේ නියන්ගන්දර විදුලි බලාගාරය වෙත ජලය මුදාහැරේ. ජලාශය පිරීමට පැය 20ක් පමණ ගත වෙතියි කියති.
දිය ඇල්ල අද උදේ 9.27 පෙර
දිය ඇල්ල අද උදේ 9.27ට පසු
ක්ලෙයාර් ඇල්ල දිවි පුදයිසඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සුනිල් ක්‍රිෂාන් 2011-12-16 17:29:53
බලාගාරයක් සල්ලි තියෙනවනම් හදන්න පුලුවන්. නමුත් ස්භාවික දිය ඇල්ලක් මිල කළ නොහැකි සම්පතක්. ජල විදුලියට විකල්ප භාවිතා කලා නම් ආදර සෙන් ක්ලෙයාර් බේරගන්න තිබුණා. මගේ දැඩි ශෝකය
ශ්‍රීනාත් දයානන්ද 2011-12-16 13:40:03
ක්‍රිෂාන්. මහත්තයාගේ අදහසට මමත් එකගවෙනවා
අනිල් ප්‍රදීප් 2011-12-16 12:32:01
ස්වභාවික දේවල් රැකගෙන මේව කරනවනම් හොදයි.
ක්‍රිෂාන්ත [පුස්සැල්ලාව] 2011-12-16 08:53:23
පරිසරයත් රැකගෙන රටේ සංවර්ධනය කර යනවා නම් අපිට වගේම මතු පරපුරටත් තවත් මෙවැනි දේ අහිමි නොවෙනවා ඇති...
ඉන්ද්‍ර 2011-12-16 00:21:05
යමක් ලබා ගන්නනම් යමක් කැප කරන්න වෙනවා ඒක ලෝක ස්වබාවය.
ඇලෙක්ස් 2011-12-15 20:28:02
වැහි කාලෙට විතරයි දකින් ලැබෙන්නේ..
නිසා 2011-12-15 17:48:23
හොද වැඩක්
බී ජෙරම්ද සිල්වා 2011-12-15 17:02:29
මට පෙනෙන දෙයක් නම් මෙහිදි අර්ථික විද්‍යාව හා සම්බන්‍ධ කරුණක් සිදුව ඇත......ඒනම් අවැස්‍ථික පිරිවැය නම් සංකල්‍පයයි. ඒහි අරුත නම් සම්පත්‍වල පවත්‍නා හිග කම නිසා ඒහි පවතින විකල්‍ප ප්‍රයොජන නිසා තොරා ගැනිමක් කලයුතු වෙයි.මෙසෙ විකල්‍ප අවස්‍ථාවන් අතරින් ඒක් අවස්‍ථාවක් තොරා ගැනිමෙදි ඒ වෙනුවෙන් කැප කල ඊළග හොදම අවස්‍ථාවෙ වටිනාකම.
dewa 2011-12-15 14:58:30
සදහටම නොවෙයි නේද
සුධීර- වෙනිසිය 2011-12-15 14:57:55
රටක් දියුණු කරනද්දී ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුළුවන්තරම් අඩු කරන ගන්න එක තමයි හොඳ.
සුධීර- වෙනිසිය 2011-12-15 14:57:41
රටක් දියුණු කරද්දි ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුලුවන් තරම් අඩු කර ගන්න එක තමයි හොද
Ronny 2011-12-15 14:51:47
සෙත් කෙයාර හෙළුවෙන් වගේ සිටියත, වතුර පාර බෝක්කුවකින් ඇරලා රට දියුණු කරනව නම් අපි කැමැති.
No comments:
Post a Comment