අවිහිංසා සංගම්වල ඉල්ලීම් නිසා අධිවේගී
පාරෙන් සුනඛයන් ඉවත් කිරීම අත්හිටුවයි
බණ්‌ඩාරගම - බී. එස්. ජයසිංහ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නිදැල්ලේ ගැවසුණු සුනඛයන් නිර්වින්දනය කර ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සුනඛ අවිහිංසා සංගම්වල ඉල්ලීම මත අත්හැරීමට සිදුවූ බව දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) බී. ඩී. කේ. බණ්‌ඩාර මහතා පැවසීය.
පසුගිය සිකුරාදා (16 දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම වැඩපිළිවෙළ සුනඛ අවිහිංසා සංගම්වල ඉල්ලීම මත අත්හැරියත් අධිවේගී මාර්ගයෙහි වාහන පදවන්නන්ගේ ආරක්‌ෂාවට තර්ජනයක් වී ඇති සුනඛයන් එම මාර්ගයට පැමිණීම වැළැක්‌වීම සඳහා දෙපස දැල් ආවරණවල ඉඩ ඇති ස්‌ථාන හා වතුර බැස යන බෝක්‌කු ආදියට දැල් ආවරණ ගසා මෙම මස 25 වැනි දිනට ප්‍රථම අධිවේගී මාර්ගයෙහි වාහන පදවන්නන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.
මාර්ගයට පිවිසෙන ඇටි කුකුලන්, මයිනන් හා කෑරලන් වාහනවල වැදීමෙන් අනතුරට ලක්‌වීම අවම කරගත හැකි වන්නේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් හා වඩා කල්පනාකාරීව වාහනය පැදවුවහොත් පමණක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment